ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බ්‍රහස්පතින්දා රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදි රැස්වීමට නියමිත බව කථානායක කාර්යාලය පවසයි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පැවැත්වෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව ඔවුන් රැස්වන දෙවන අවස්ථාව
මෙය වනවා.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කිරීම සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මස 14  වැනිදා ජාතික පොලිස් කොමිසමේ නිල කාලය ද අවසන් වූ අතර  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී පොලිස් කොමිසමට නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදුකළ යුතු වෙයි.

කෙසේවෙතත් මෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරීමක් සිදුනොවනු ඇති බව වාර්තා වෙයි.

පොලිස් කොමිසමේ නිල කාලය අවසන් වුව ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරී මණ්ඩලය පත්කරන තුරු වත්මන් නිලධාරී මණ්ඩලයට කොමිසමේ කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව පවතියි.

Previous Post Next Post