අදත් පළාත් කිහිපයකට තද වැසි

නැගෙනහිර පළාතේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි අතර නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර
පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


Previous Post Next Post