ජනපති ඝාතන කුමන්ත‍්‍රණයේ මා සිටිනවා නම් සිටින්නේ ඉදිරියෙන්මයි.. පසුපසින් නොවේ..- ෆොන්සේකා (Video)

දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර යනු අංගොඩ නැවැත්විය යුතු පිස්සෙක් බව සනාත වී ඇති බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීම සදහා සිදු කරන ලද
කුමන්ත‍්‍රණයේ පසුපස සිටින්නේ සරත් ෆොන්සේකා බවට නාමල් කුමාර මහතා විසින් සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් අදහස් පල කරමින් ඇමතිවරයා මේ බව පැවසීය.

කොහේවත් ඉන්න පිස්සෙක් කරන ප‍්‍රකාශ මත නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉවත් කල යුතු නැති බවත් ඔහු සදහන් කරයි.

තමන් සාමාන්‍යයෙන් ඔ්නෑම සිදුවීමක ඉදිරියෙන් මිස පසුපසින් සිටිනේ නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Previous Post Next Post