දිවයින පුරා නාය යා හැකි ස්ථාන පහළොස් දහසක් පමණ හඳුනා ගනී

දිවයින පුරා නායයෑමේ සිදු විය හැකි බවට සැක කෙරෙන ස්ථාන පහලොස් දහසකට වැඩි ප‍්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ වැඩබලන අධ්‍යක්‍ෂ ගාමිණී ජයතිස්ස පැවසුවේ ස්ථානීය
පරීක්‍ෂාවන් මගින් එම ස්ථාන හඳුනාගෙන ඇති බවයි.

එහිදී "බොහෝ කාලයක සිට මෙරට නිවාස ඉදිරිකීමේදී නිසි සොයා බැලීමකින් තොරව නිවාස ඉදිකිරීම නිසා එවැනි නාය යෑමේ අනතුරු සිදුවිය හැකි ස්ථානවල නිවාස ඉදිවෙලා තියෙනවා. ස්ථානීය වශයෙන් අපි එවැනි තැන් 18000 ක් පමණ අධ්‍යනය කළා. ඒවා සම්බන්ධයෙන් බොහෝ පියවරයනුත් අරගෙන තියෙනවා. මේ වෙන කොට නායයෑම් දිස්ත්‍රික්ක 14ක් පුරා පැතිරිලා තියෙන ප්‍රශ්නයක්." යනුවෙන් ද සඳහන් කළා



Previous Post Next Post