අගමැති අද ඉන්දියාවට

නිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(18) දිනයේ ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතව තිබේ.

අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව බලා පිටත්වයාමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර
මෝදි මහතා අතර ඉහළ පෙලේ සාකච්ඡාවක් පැවිත්වීමට නියමිතව තිබේ.

එම සාකච්ඡාව ලබන 20 වන දින නවදිල්ලි නුවර පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිළ සංචාරයේදී එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග සාක්ච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයා සමග අමාත්‍යවරුන් වන සාගල රත්නායක, මලික් සමරවික්‍රම, අර්ජුණ රණතුංග ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිළධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.


Previous Post Next Post