මම කාගෙවත් වහලෙක් නෙමෙයි වෙල්ගම නුවර සෙට් එකට රිදෙන්න දෙයි - මහින්ද නැතිනම් අපේක්‍ෂකත්වය පිටට දෙන්න කියයි

මහනුවරදී මන්ත‍්‍රීවරුන් සිවු දෙනෙකු තමන්ව විවේචනය කරද්දී මහින්ද රාජපක්‍ෂ මහතාද එම වේදිකාවේ සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.

තමන් කිසිවෙකුගේ වහලෙකු නොවන බවත් මීලග ජනාධිපතිවරණ
අපේක්‍ෂකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ජ්‍යෙෂ්ඨත්වය අනුව පවුලෙන් පිට පුද්ගලයෙකුට දිය යුතු බවත් ඔහු සදහන් කරයි.

ජනාධිපති අපේක්‍ෂකත්වය පවුලටම උරුම වූ දෙයක් නොවන බවත් එව පවුපෙන් පිට වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට දීම වඩාත් සුදුසු බවත් මන්ත‍්‍රීවරයා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මතුගමදී පවත්වන ලද ජනහමුවක් අමතමිනි.

කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, දිළුම් අමුණුගම යන මන්ත‍්‍රීවරුන් විසින් එල්ල කරන ලද විවේචනයන් සම්බන්දයෙන්ද ඔහු එහිදී දැඩි ලෙස විවේචන ඉදිරිපත් කලේය.


Previous Post Next Post