තොරතුරු මත පදනම්ව නාලක සිල්වාගේ වැඩ තහනම් කෙරේ

ජනාධිපතිතුමන් හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර තීරණය කොට
තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා වන නිර්දේශය අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්නගේ අත්සනින් යුතුව අද (17) පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත යවා තිබෙනවා.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකෙරෙමින් පවතින විමර්ශණයන්ගේ තොරතුරු මත පදනම් වෙමින් මෙම වැඩ තහනම් කිරීමේ  තීරණය ගැනීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

Previous Post Next Post