මර්වින් උතුරේ 'වැරදි නාම පුවරු' ඉවත් කරන්න යයි

උතුරු පළාතේ ප‍්‍රදේශ ගණනාවක අලූතෙන් ස්ථාපිත කර ඇති නාම පුවරුවල වැරදි ලෙස සිංහල බාවිතා කර තිබීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද අදහස් පළ කළා.

එහිදී, අදාළ පුවරු නිවැරදි කිරීමට බලධාරීන් වහාම කි‍්‍රයාමාර්ග ගතයුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. එසේ නොවුනහොත් වැරදි සහිත පුවරු ඉවත් කිරීමට තමන්
මැදිහත් වන බවද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා වැඩිදුරටත් කියාසිටියා.

උතුරු පළාතේ ගම්මානවල සහ ආයතනවල නාමයන් වෙනස් කර ඇත්තේ පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ නියෝගයකට අනුවයි. කෙසේවෙතත් එලෙස අලුතෙන් ස්ථාපිත කළ නාමපුවරුවල ගැටළු රැසක් පවතින බව නෙත් නිවුස් මීට පෙර පෙන්වා දුන්නා.

සිය මූලිකත්වයෙන් ආරම්භ කළ වීර දුටුගැමුණු සංවිධානයේ මංගල සමුළුව එළඹෙන 23 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කරන බවද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.


Previous Post Next Post