අඩු මිලට ගමන් යන්න ත්‍රීවිල් වලට අලුත් ඉන්ධන වර්ගයක්..! යතුරුපැදි වලටත් ලබාදෙන්න පරීක්ෂණ..!

ඉන්ධන මිල ඉහල යාමත් සමඟ බොහෝ භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහල යාමේ ප්‍රශ්නයට සෑම දෙනෙක්ම මුහුණ දී සිටිනවා. විශේෂයෙන්ම බොහෝ දෙනා තම ගමන් පහසුව සඳහා යොදා ගන්නා ත්‍රීරෝද රථවල අවම ගාස්තුවද ඉහල දැමීමට තීරණය කිරීමත් සමඟ මගීන් විශාල අපහසුතාවයකට පත්වුනා.

කෙසේ වෙතත්  ත්‍රිරෝද රථ සඳහා භාවිත කළ හැකි අඩු වියදම් පෙට්‍රල්
වර්ගයක් ඉදිරි මාසයේදී හඳුන්වා දීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 87 හෝ ඊට අඩු ඔක්ටේන් අගයකින් මෙම ප්‍රෙටල් වර්ගය ඉදිරියේදී මෙලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ඉන්දන වර්ගය දැනට පවතින මිලට වඩා රුපියල් 08 ක් පමණ අඩුවෙන් ලබා ගතහැකි බවටද තොරතුරු වාර්තා වන අතර  මෙම ඉන්ධන මගින් යතුරුපැදි ධාවනය කිරීමට හැකියාව ඇත්ද යන්න මේ දිනවල පරීක්‍ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා.



Previous Post Next Post