රජයේ හෝටල් 02 විකුණනවාට වාසු නඩු කියන්න යයි

රජයට අයත් මෙරට ප‍්‍රධාන පෙළේ හෝටල් දෙකක් වන කොළඹ හිල්ටන් හෝටලය සහ කොළඹ ග‍්‍රෑන්ඩ් හයට් හෝටලය හදිසියේ විකුණා දැමීමට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පුවත් පතක පළ වූ දැන්වීමක්ද උපුටා දක්වමින් මන්තී‍්‍රවරයා ඒ පිළිබද කරුණු
දැක්වූයේ මෙලෙසයි.

කොළඹ හිල්ටන් හෝටලයේ සියයට 51ක කොටස් රජය සතු වනවා. තට්ටු 19කින් යුත් එහි ඇති කාමර සංඛ්‍යාව 297ක්. ග‍්‍රෑන්ඞ් හයට් හෝටලය පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සතු හෝටලයක් වනවා. එය මේවනවිටද ඉදි කරමින් පවතින අතර එහි ඉදිකිරීම් ආරම්භ වූයේ 2012 වසරේදීයි. මහල් 47කින් යුත් එහි කාමර 475ක් සහ නිවාස සංකීර්ණ 84කින් සමන්විත වනවා.


Previous Post Next Post