ජනපති ඝාතන තැත පිළිබඳ පුවත වෙනුවෙන් ද හින්දු පුවත්පත පෙනී සිටි

තමන් ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය සැලසුම් කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් කැබිනට් හමුවේදී සිදුකල බවට කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මාධ්‍යවේදිනිය පලකළ පුවත වෙනුවෙන් පෙනී සිටින බවට ඉන්දියාවේ "ද හින්දු" ප්‍රකාශන සමුහයේ සභාපති එන්. රාම් ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර සිටිනවා.

තම වාර්තාකාරිනිය විසින් මුලාශ්‍ර ඇසුරෙන් එම පුවතේ නිවැරදිභාවය
තහවුරු කරගෙන පුවත පළකර ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

ද හින්දු පුවත්පතේ පලකළ ලිපිය අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය, කැබිනට් ලේකම්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

Previous Post Next Post