ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කරන්න : අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය දැනුම් දෙයි

ශ්‍රි ලංකාවේ සිදුවන දේ පිළිබදව අමෙරිකාව අවධානයෙන් සිටින බව එරට රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශය නිවේදනය කරනවා.

ශ්‍රි ලංකාවේ සියළුම දේශපාලන පක්ෂ ප්‍රචණ්ඩත්වයෙන් තොරව
ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද එහි සදහන්.

ජිනිවා සම්මුතියන්ට අනුව මානව අයිතිවාසිකම්, යුක්තිය, ප්‍රතිසංස්කරණය යන කරුණු මුල් කර ගනිමින් ශ්‍රි ලංකා රජය කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවයි එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

මේ අතර  ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස්කම් සමග සියලුම පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසත් දේශපාලන ක්‍රියාවලියේදී ගරුත්වයෙන් යුතුව කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍ය රජයේ ආසියානු සහ පැසිෆික් කළාපය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.


Previous Post Next Post