ඒකාබද්ධයේ කිහිප දෙනෙකුට අද ඇමතිධුර !

ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂයේ කණ්ඩායමක් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් නව රජය පිහිටුවීමටත්, නව රජයේ ඇමැති මණ්ඩලය හෙට (28) දිවුරුම් දීමටත් නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

නව රජයේ ඇමැති මණ්ඩලය සම්බන්ධයෙන් ඊයේ (26) රාත්‍රීයේ සිටම
සාකච්ඡුා පවත්වමින් සිටින බව එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටියි.

ඒ අනුව අද දිනයේ ජනාධිපති ඉදිරියේ ඇමතිවරුන් කිහිප දෙනෙකු දිව්රුම් දීමට නියමිතව ඇති බවත්, එජාපයේ කිහිප දෙනෙකුට ද නව රජයේ ද ඇමැති ධුර හිමිවන බවත් පැවසේ.


Previous Post Next Post