හිටපු අගමැතිට දහයයි

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂක කණ්ඩායම දස දෙනෙකුට සීමා කරන්නැයි පොලිස්පතිවරයා අග‍්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික‍්‍රමසිංහට නියෝග කර තිබෙනවා.

ඒ අනුව හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි අගමැති ආරක්ෂක කොට්ඨාශයේ සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ
අතිරික්ත නිලධාරීන් ඉවත් කරන ලෙසයි මෙහිදී නියෝග කර ඇත්තේ.

මෙය අත්‍යාවශ්‍ය කටයුත්කත් සේ සලකා කි‍්‍රයාත්මක කරන්නැයිද පොලිස්පති පූජිත් ජයසුන්දර මෙහිදී නියෝග කර තිබෙනවා.

මේ අතර අරලියගහ මන්දිරයේ ඊයේ (28) රාති‍්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර ඉල්ලීමක් කළේ පාර්ලිමේන්තුව කැඳවනතුරු හෝ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් නොකරන ලෙසයි.


Previous Post Next Post