අගමැති මහින්ද නිල ලෙස රාජකාරි අරඹයි.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් වැඩ බාර ගෙන තිබේ.

ආගමික වාතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීම අද(29) සිදු විය.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජන රජයේ 22 අග්‍රාමාත්‍යවරයා
ලෙස මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ කටයුතු ආරම්භක කරන ලදි.

මේ අතර, අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද රාජපක්ෂ මහතා බාර ගැනීම සමඟ රට පුරා සිටින පාක්ෂිකයන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා කළ බව ද අප වාර්තාකරුවන් පැවසීය.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම්දීමටද නියමිත බව ආරංචිමාර්ග පවසයි.

Previous Post Next Post