ඉදිරි තීන්දු තීරණ ගන්න දේශපාලන මණ්ඩලයක් පත් වෙයි

වත්මන් රජයේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා විසින් දේශපාලන මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරු ඇතුලූ දස
දෙනෙක් ඇතුළත්.

ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන දේශපාලන මණ්ඩලය ඊයේ (28) රාති‍්‍රයේ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.


Previous Post Next Post