අගමැති-මහින්ද අතර සාකච්චාවක්.. දේශපාලනය උණුසුම් වේ..

විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන මහතා සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

අද (30) පෙරවරුවේ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේදී
මෙම හමුව සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා වී ඇති  බව සඳහන් වෙයි.

මේ අතර ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා තිබේ.

අද දහවල් විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේය.




Previous Post Next Post