පවතින දේශපාලන තත්ත්වයේදී පාර්ලිමේන්තුවේ සංයුතිය මෙන්න

පවතින දේශපාලන තත්ත්වයේදී පාර්ලිමේන්තුවේ සංයුතිය කෙසේ වෙනස් වන්නේ දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටිනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත් වූ සියළු මන්තී‍්‍රවරුන් මෛතී‍්‍ර - මහින්ද නව ආණ්ඩුවට සහාය පළ කරන්නේ යැයි අනුමාන
කලහොත් මේ වනවිට ඔවුන්ට හිමි මුළු මන්තී‍්‍රවරුන් ගණන 100 දෙනෙක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේම තේරීපත් වූ මන්තී‍්‍රවරුන් 94 දෙනෙකු, ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආරමුගම් තොණ්ඩමන්, ඊපීඞීපීහි ඩග්ලස් දේවානන්ද සහ එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ 4දෙනෙකුද ඊට අයත් වනවා.

එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්ව දැන් මෛතී‍්‍ර - මහින්ද ආණ්ඩුවට සහාය පළ කරන්නන් වන්නේ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ, වසන්ත සේනානායක, ආනන්ද අලූත්ගමගේ, වඩිවේල් සුරේෂ් යන අයයි.

ඔවුන් මේ වනවිටත් නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර භාරගෙන තිබෙනවා.

එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ මුළු මන්තී‍්‍රවරුන් ගණන 106 දෙනෙක්. කතානායකවරයා හැරුණු විට ඔවුන්ගේ මන්තී‍්‍රවරුන් ගණන 105 දෙනෙකු වුණා.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යටතේ වෙනම තේරීපත් වූ මන්තී‍්‍රවරයෙකු සහාය පළ කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණටයි.

එක්සත් ජාතික පෙරමුණ යටතේ තේරීපත්වූ මන්තී‍්‍රවරුන් 4 දෙනෙකු මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කර ඇති නිසා මේ වනවිට එක්සත් ජාතික පෙරමුණ සමග සිටින මන්තී‍්‍රවරුන් ගණන 102 කට සීමා වී තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් ගණන 16 දෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් ගණන 6 දෙනෙකු වනවා.

Previous Post Next Post