විපක්ෂනායක ධූරය ගැන ආණ්ඩු පක්ෂයෙන් ප්‍රකාශයක්

රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධූරය ලබා නොදෙන බවට ආණ්ඩු පක්ෂයෙන් ප්‍රකාශ වී තිබෙනවා.

ඒ අනුව ආර්. සම්බන්ධන්ගේ විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු
නොකරන බවත් ආණ්ඩු පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (30) ප්‍රකාශ කළා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී.

ඊට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවට වාසුදේව නානායක්කාර, මහින්ද යාපා  අබේවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා සහ සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරුන්ද එකව සිටිනවා.

Previous Post Next Post