පාර්ලිමේන්තුව විවෘත කරන තෙක් සටන අත්හරින්නේ නැහැ - එජාපය (PHOTOS)

විවිධ ආගම්. ජාති නියෝජනය කරන දේශපාලඥයින් එක්සත් ජාතික පෙරමුණ ලෙස එක්වුණේ රටේ යහපාලනය වෙනුවෙන්. සියළුම පක්ෂ හා සිවිල් සංවිධාන වල එකතුවී ඉල්ලන්නේ පාර්ලිමේන්තුව යළි රැස් කරන්න කියලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. කොළඹ කොල්ලුපිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ
විරෝධතාවයේ දී හිටපු අගමැතිවරයා  මේ බව ප්‍රකාශ කර සිටියා.

ඒදා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ සිටි ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග ගේ සහය අපට හිමිවුණා. ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාවට අනුව එවකට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබුවා.

ජනතාව එක් රැස්වෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් රැස්වූ සියළු දෙනා වෙනුවෙන් සිය ස්තුතිය පුදකරනවා හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒම සම්බන්ධයෙන් තමන් සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් සමාව ඉල්ලන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසනවා.

2015 පැවති අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියට සහභාගී වීමට නොහැකිව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාව තමාගේ වාහනයෙන් රැගෙන ආ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයා කටයුතු කළ බවයි මන්ත්‍රිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. එමෙන්ම පාර්ලිමේන්තුව යළි විවෘත කරන තුරු තම සටන අත් නොහරින බවද මන්ත්‍රිවරයා කියා සිටියා.

මෙම රැළියේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි නවින් දිසානායක කියා සිටියේ තමන් සහ මයන්ත දිසානායක කිසි විටක එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවයි.

මේ වන විට ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව පාර්ලිමේන්තුව යලි විවෘත කිරීම හැර වෙන විකල්පයක් නැති බවත් 2015 වසරේදී බලයට පත්වීමෙන් පසු යහපාලන රජය කිසි විටක මාධ්‍ය ආයතන හෝ වෙනත් කිසිදු ආයතනයකට බලයෙන් ඇතුල් වී මහජනතාවට හිරිහැර නොකළ බව මන්ත්‍රි පාඨලී චම්පික ප්‍රකාශ කර සිටියා.මෙවැනි ක්‍රියාවන් වලට එරෙහිව කටයුතු කළ අයට එරෙහිව ඉදිරියේදී නිතිය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

Previous Post Next Post