සන්ධානය 150ට කිට්ටු කරනවා.. එජාපය 40-50ට බහිනවා..- විජේදාස හෙලි කරයි

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයෙක් පත්කළ පසු ඔහුට බහුතරය ඇත්දැයි ඡන්දයක් විමසීමේ ‍ක‍්‍රමයක් හෝ ව්‍යවස්ථානුකූල උවමනාවක් නැතැයි ඇමති විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් නව අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක්
ගෙන යා හැකි බවද පවසන ඇමතිවරයා ඉදිරියේදී කරන අයවැය හෝ අතුරු අයවැය යන මුදල් පනස් දෙකෙන් එකක් පරාජය කිරීමට හැකි බව ද සඳහන් කළේය.

මුදල් පනතක් පරාජය වුවහොත් පාර්ලිමේන්තුව ඉබේම විසුරුවා හැරෙන නිසා සන්ධානයේ අරමුණ ද එයම විය හැකි යැයි ඔහු සඳහන් කළේය.

යම් හෙයකින් එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 40-50ක් දක්වා අඩු වනු ඇති බවත් සන්ධානය අති විශාල ආසන ප්‍රමාණයක් ලබා ගනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

Previous Post Next Post