අදත් සවස් කාලයේ තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි
හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ  දැක්වෙයි.

මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් මන්නාරමසහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

නැගෙනහිර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නියේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


Previous Post Next Post