ලෝක ළමා-වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට යෙදී ඇති අතර “මානව අයිතීන් දිනා ගත් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශිෂ්ටයින් අභිමානයෙන් සුරකිමු” යන්න මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උළෙලේ තේමාවයි.

වැඩිහිටි දින සැමරුම් උළෙල  කථානායක කරූ ජයසූරිය මහතාගේ
ප්‍රධානත්වයෙන් අම්පාර නගරයේදී පැවැත්විමට නියමිතයි.

මේ අතර “ දිරියෙන් පෙරට යන්න - ළමා කැළට සවිය දෙන්න” මෙවර ලෝක ළමා දිනයෙ තේමාවයි.

මෙහි ජාතික උත්සවය උදෑසන 09.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී පැවැත්විමට නියමිතයි.

මෙම ජාතික උත්සවය සඳහා විවිධ අවශ්‍යතා සහිත දරුවන් 2000ක් පමණ සහභාගීවිමට නියමිත අතර ළමා දිනය නිමිත්තෙන් සමරු මුද්දරයක් ද නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.


gossip lanka