ජනප්‍රිය ගායක , රංගන ශිල්පී රොනී ලීච් අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායකයෙකු මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙකු වූ රොනී ලීච් මහතා  හදිසි හෘදයාබාදයකින් අද උදැසන 1දා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.

රොනි ලීච් මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ප්‍රසංගයක් සඳහා පසුගිය සෙනසුරාදා සහභාගී වි අද සවස ශ්‍රී ලංකාවට එන්න සූදානමින් සිටි බව සදහන්. කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත හෘදයාබාදය වැළදී ඒ මහතා
පර්ත් නුවරදීම මෙලෙසින් අභාවප්‍රාප්ත වී තිබේ.

සිංහල සිනමාවට විකට රංගනයෙන් නොමැකෙන නමක් තැබූ ඒ මහතා අතිශය ජනාදරයට ලක්වූ කලාකරුවෙක්. එතුමන්ගේ අවසන් කටයුතු පිළිබද මෙතෙක් දැනුම්දීමක් සිදුව නැහැ.


Previous Post Next Post