රටම බලා සිටි ඉන්ධන මිල සුත්‍රය ප්‍රසිද්ධ කරයි

අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉන්ධන මිල සුත්‍රය පිලිබදව රටට මුල් වරට කරුණු හෙළි කර තිබෙනවා.

මේ වසරේ මැයි මස 11 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක
ඉන්ධන මිල සුත්‍රය සැකසීමේ ක්‍රම වේදය සැකසෙන ආකාරය පහත දක්වා තිබේ.

වරායේ ගොඩබාන පිරිවැය (V i) :-

බොරතෙල් බැරලයක් සදහා වියදම් වන සිංගප්පුරුවේ ප්ලැට්ස් මිල මෙන්ම වාෂ්පවීම සහ රුපියලේ හුවමාරු වටිනාකම් ද සැලකිල්ලට ගැනේ.

සැකසීමේ පිරිවැය (V ii) :-

සැකසීමේ වියදම්වලට දේශීය වරාය ගාස්තු, ප්‍රවාහන නාස්ති, වෙළද නියෝජිතගේ වට්ටම් සහ වාෂ්පවිම් මෙන්ම තොග රඳවා ගැනීමේ වියදම් ද ඇතුලත්ය.

පරිපාලන පිරිවැය (V iii) :- 

මේ යටතට සේවක වැටුප් දීමනා වැනි පරිපාලනමය වියදම් ද  රුපියලේ අගය අවප්‍රමාණයවීම ද ඇතුළු අනෙක් ආයතින වියදම් ද ඇතුලත් වේ.

බදු පිරිවැය (V iv) :-

මිට අයත් වන්නේ රේගු ආනයන බදු, වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු, ජාතිය ගොඩනැගීමේ බදු වැනි බදු ගෙවීම්ය.



Previous Post Next Post