මෝටර් වාහන සඳහා කාබන් බද්ද සහ දුරකථන කුළුණු බද්ද ජනවාරි සිට ක්‍රියාත්මක කරනවා - මුදල් රාජ්‍ය ඇමති

ලබන ජනවාරියේ සිට මොටර් වාහන සඳහා වන කාබන් බද්ධ අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25)
පාර්ලිමේන්තුවේඳීයි.

එය විදුලියෙන් ක්‍රියාක්මක වාහන සඳහා එය අදාළ නොවන බවයි ඒ මහතා කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"මුදල් පනත අනුව 2018 දී බදු නීති හයක් සඳහා  ප්‍රතිපාදන පනතා තිබෙනවා. සංචාරයක බදු අනුව වාර්ෂික පිරිවැය මිලියන 12 ක පරිවැටුපක් සහිත සංචාරක ආයතන සඳහා බද්ධක් ක්‍රියාත්මකයි. කොටස් හුවමාරැ බද්ධ ඉවත් කළා. මෝටර් රථ ආනයනයේදී සුඛෝපභෝගි වාහන බද්ධ ලෙස බද්ධක් හදුන්වා දෙනවා. මන්දිර බද්ද අහෝසි කෙරෙනවා.

සුඛෝපභෝගි හා අර්ධ සුඛෝපභෝගී ලෙස පැවැති බද්ධ එක බද්ධත් ලෙස සංශෝධනය කිරීමට  කටයතු කරනවා. වාහන හිමිකම් අයබද්ධ හා සමාගම් ලියාපදිංචි බද්ධ එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා වැඩසටහන යටතේ ඉදිරිපත්කරනවා.

මෝටර් රථ කාබන් බද්ද 2019 ජනවාරියේ සිට අයකරනවා. විදුලියෙන් ධාවනය වන වාහන මෙයට අයත්වෙන්නේ නැහැ. ඒවගේම දුරකත කුළුණු බද්ධත් ලබන වසරේ සිට ක්‍රියාත්මක කරනවා."




Previous Post Next Post