අලි රොෂාන්ට අධි චෝදනා භාරදෙයි

නීති විරෝධී ලෙස බලපත‍්‍ර නොමැතිව වනඅලි ලග තබා ගැනීමේ  චෝදනා  සම්බන්ධයෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුලූ විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ස්තීර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද (26) අධිචෝදනා භාර දුන්නා.

කෙසේවෙතත් විත්තිකරුවන් හත් දෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ
රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි මහාධිකරණය නියෝග කළේ. මීට අමතරව විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අතර නඩුව යළි නොවැම්බර් 8 දා කැදවීමටද අධීකරණය නියෝග කර තිබෙනවා. ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කළ තුන්වන නඩුව මෙයයි.

Previous Post Next Post