මාළුවන්ට අසුන දී මන්නාරමේ මගීන් හිටගෙන යයි

මන්නාරමේ සිට කොළඹ බලා ගමන් කරන බස් රථවලට මාළු පෙට්ටි පැටවීම නිසා මඟීන්ට කොළඹ දක්වාම හිටගෙන ගමන් කිරීමට සිදුවීමෙන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින බව වාර්තාවේ.

දිවා රාත්‍රී දෙකේදීම මන්නාරමේ සිට කොළඹ බලා යන බස් රථවලට මාළු පෙට්ටි පටවන අතර රාත්‍රි කාලයේ බස් රථවලට මාළු පෙට්ටි වැඩි
වශයෙන් පටවන බව මෙහි ගමන් ගන්නා මඟීහු පවසති.

බස් රථවල ආසන මත මාළු පෙට්ටි පටවා එම ආසන සඳහා වූ ගාස්තු ගෙවීමෙන් මාළු පෙට්ටි කොළඹට රැගෙන යෑම නිසා මෙම තත්ත්වය උදාවී ඇත.

ඉන්දියාවේ සිට මුහුද ඔස්සේ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මන්නාරමට ගොඩ ගැසීමෙන් පසුව පිටස්තර ව්‍යාපාරිකයන් මාළු තොග මිලට ගැනීම සඳහා මන්නාරමට නොපැමිණීමත් සමඟම විශාල ගැටලුවකට මුහුණ පා සිටින මන්නාරමේ ධීවරයෝ තම මාළු තොග කොළඹට රැගෙන යෑම සඳහා බස් රථ භාවිත කිරීම නිසා මෙසේ සිදුව ඇති බව මගීන් කියා සිටී.

Previous Post Next Post