හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිත “ජනබලය කොළඹට“ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ පිහිටි නිළ නිවසේදී අද(04)
විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
එහිදී ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිත බවත් ඉන් අනතුරුව හෙට උදෑසන එම ස්ථානය ගැන සියලු දෙනා දැනුවත් කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරුන් හෙට පැවැත්වෙන විරෝධතාවයට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවත් කොළඹට ඇතුළුවන ප්‍රධාන මාර්ග ඔස්සේ ජනතාව සමඟ විරෝධාවය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර කොළඹ මහ නගර සභාවට අයත් සියලු ක්‍රීඩා පිටි මැයි දින රැස්වීම් වලට හැර වෙනත් දේශපාලන රැස්වීම් සඳහා ලබා නොදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.පි.එම් ඉක්මාල් මහතා ප්‍රකාශ කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය හෙට (05) පැවැත්වීමට නියමිත “ජනබලය කොළඹට“ විරෝධතාවය සඳහා ක්‍රීඩා පිටි නොදීමට නගර සභාව කටයුතු කර ගෙන යන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු නගන චෝදනා කරයි.

Tags
slide