සිංගප්පූරු ගිවිසුම නීති විරෝධී ලියවිල්ලක්.. - HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

HOT NEWS | hotnews.lk | ඇත්ත දැනගන්න මෙතැනින් එන්න

hotnews.lk Latest Hot News and Gossip Updates from Sri Lanka.

gossip lanka

සිංගප්පූරු ගිවිසුම නීති විරෝධී ලියවිල්ලක්..

ශ්‍රි ලංකා – සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ ස්වාධීන කමිටුව අද දෙවැනි දිනටත් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රෙය් පිහිටි එම කාර්යාලයේදි රැස් විය.

කමිටුව රැස් වු පළමු දිනය වන ඊයේ (30) දිනයේදි පාර්ලිමේන්තු
මන්ත්‍රිවරුන් වන උදය ගම්මන්පිල මහතා හා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද කමිටුව ඉදිරියේ කරුණු දැක්විය.

ශ්‍රි ලංකා – සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා ජනාධිපතිවරයා පත් කළ ස්වාධීන කමිටුව ඉදිරියේ කරුණු දැක්වීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ එම කමිටුව හමුවේ පෙනී සිටියේය.

එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ සිංගප්පූරු ගිවිසුම නිර්මාණය කර ඇත්තේ සිංගප්පූරුවට වාසි වන ආකාරයට හා අපට අවාසි වන ආකාරට බවයි.

රටට ගැලපෙන වෙළඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කොමිසමට බලය ලබාදි ඇති බව පෙන්වාදුන් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද ඊයේ පස්වරුවේ කමිටුව හමුවේ කරුණු දැක්වූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ ප්‍රකාශ කළේ ගිවිසුම ගැන සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කොමිසමක් පත්කර තිබියදී ගිවිසුම පරිදි අදාළ භාණ්ඩවල බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍යවරයා විසින් රේගු දෙපාර්තමේන්තුව ලිපි යවන බවයි.

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ලියවිල්ලක් බවත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකුට පෞද්ගලික ආර්ථික ලාභය ගැන සිතා කරන ලද දෙයක් බව උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.