අදත් ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි

උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඇතිවේ.

මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත්
වැසි ස්වල්පයක් ඇති වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා රමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ
වට සෘජුවම ඉහලින් පවතී.

අද දින (01) දහවල් 12.10 ට කන්දකුලිය, පුලියන්කුලම, කරබැව, ගලේවෙල, තිරප්පගන්, යකල්ල, අලුත්-ඔය, වඩිගෙවැව සහ කදිරවෙලි යන ප්‍රදේශවල ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.


Previous Post Next Post