මහින්ද කලේ ආරක්‍ෂක මණ්ඩලයේ නිදාගැනීමයි.. යුද්දය කලේ අපියි.. අනුර කුමාර කිවුවේ ඇත්තයි..- ෆොන්සේකා..

යුද්දය ජයගනිමින් සිටියදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වූ බවත් ඔහු විසින් යුද්දය ජය ගත්තේ නැති බවටත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සත්‍ය බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

යුද්දය පැවැතෙද්දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති විසින් කලේ ආරක්‍ෂක
මණ්ඩලයේදී නිදි කිරපු එක පමණක් බවත් යුද්දය ඉදිරියට කතරගෙන යන්නැයි සෑම ජනාධිපතිවරයෙක්ම හමුදාපතිට නියෝග දී ඇති බවත් ඔහු සදහන් කරයි.

සුදු වෑන්, පැහැර ගැනීම් ආදිය කරන ලද්දේ කොළඹ සිටි එවකට ආරක්‍ෂක ලේකම්වරයා බවත් ඒ සදහා වෙනම කණ්ඩායමක් සිටි බවත් ඇමතිවරයා කියා සිටී.

Previous Post Next Post