Email

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පෙරමුණේ පත් කළ මන්ත්‍රී එම් එච් එම් නවාවි මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයකු වන නවාවි මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූයේ
එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක් ලෙස ලැබුණු මන්ත්‍රී කෝටාව අනුවය.

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අභ්‍යන්තර අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස නවාවි මහතා ඉල්ලා අස්වූ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

gossip lanka