Email

මහින්ද රාජපක්‍ෂ විසින් මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මා නම් කරාවි.. තරග කරන්න මං සූදානම්..- ඩිලාන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂ පොදු සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තමන් නම් කරවි යයි තමනට සිතුනු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පැවති සාකච්චාවේදී හිටපු ජනාධිපතිවරයා විසින් තමනට දැක්වූ ප‍්‍රතිචාරය අනුව එසේ සිතුන බවත් යම් හෙයකින් තමන් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම්
කලොත් තරග කිරීමට තමන්ද සූදානම් යයිද ඔහු සදහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රිලනිප 16 කණ්ඩායම ඊයේ දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී සිදු කල සාකච්චාව සම්බන්ධයෙන් අදහස් පල කිරීමට කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.


gossip lanka