ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කරයි

ගල්කිස්ස ප්‍රදේශයේදී අද  (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

රංජන් සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික
මන්ත්‍රීවරයෙකුද වනවා. රත්මලාන ප්‍රදේශයේ ඥානේ‍න්ද්‍ර පාරේදී සිදු කළ මෙම වෙඩි තැබීමෙන් තවත්පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා තිබෙනවා.

වෙඩි තැබීම හේතුවෙන් තිදෙනාම තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබූ අතර, එහිදී රංජන් සිල්වා මහතා මියගොස් තිබෙනවා.

සිද්ධිය පිළිබඳ ගල්කිස්ස පොලීසිය ඊයේ (24දා) රාත්‍රියේම විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණඩයම අද (25දා) ටෙස්ට් තරඟ සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්වයාමට නියමිත අතර, ධනංජය ද සිල්වා ඇතුළත්ව සිටිනවා.

නමුත් සිය පියාගේ අභාවය හේතුවෙන් එම සංචාරයෙන් ඔහු ඉවත්ව ඇති බවද වාර්තා වනවා.


Previous Post Next Post