එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ උද්ගතවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කර සියලු පාර්ශ්වයන් එකට ඒකරාශී කර ගැනීමේ විශේෂ රහස් මෙහෙයුමක් ස්වදේශ කටයුතු අමාත්‍ය, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.
මේ මඟින් ඔහු අපේක්‍ෂා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා ලෙස තවදුරටත් ආරක්‍ෂා කර ගනිමින් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තබාගෙනම යහපාලන රජය ඉදිරි වසර 02ක කාලයද ඉදිරියට පවත්වාගෙන යෑමයි.
සියලුදෙනාට සාධාරණය ඉටු කරමින් තෙමසක් ඇතුළතදී එක්සත් ජාතික පක්‍ෂය යළි නඟාසිටුවා 2020 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම සඳහා වූ විශේෂ ක්‍රියාකාරී සැලැස්මක්ද වජිර අබේවර්ධන මහතා සකස් කර තිබේ. එම සැලැස්ම වජිර අබේවර්ධන මහතා විසින් අද (02දා) හෝ හෙට (03දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිත බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සනාථ කළේය.
මේ තත්ත්වය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ සංවිධානය වී සිටින පිරිසෙන් කොටසක්ද වජිර අබේවර්ධන මහතාගේ මේ මැදිහත් වීම මත ඒ මහතා සමඟද සාකච්ඡා කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වජිර අබේවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දේශපාලනය ගැන සහ රටේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති කිසිවකු මේ මොහොතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන භූමිකාව ගැන ප්‍රශ්න නොකරන බවත් ඔහු පලවා හැරීමට උත්සාහ නොකරන බවත්ය.
දේශපාලන උපාය මාර්ග භාවිත කරමින් රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි සහ අගෝස්තුවල එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් ගොඩනැඟූ බවත්, පාක්‍ෂිකයන්ට සලකන්නට අපොහොසත් වූයේ ඇමැතිවරුන් බවත් පෙන්වා දුන්නේය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
- මවුබිම
රනිල් බේර ගන්න වජිර රහස් මෙහෙයුමක
2018-03-02T09:24:00+05:30
Gossip Lanka Hot News
slide|