රනිල් එලවන විශ්වාස භංගයට එජාපයේ නොසිතන ප‍්‍රබලයන් අත්සන් තබයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්‍ෂය විසින්ම ගෙන එන විශ්වාස භංග යෝජනාව සදහා දැනටමත් එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබලයන් අත්සන් කරමින් සිටින බවත් නොසිතන ප‍්‍රබලයන් රැසක් ඒ සදහා අත්සන් තබනු ඇති බවටත් තොරතුරු ඇති බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹදී පැවති
මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඒකාබද්ද විපක්‍ෂය ඒ සදහා සම්පුර්ණ සහයෝගය දෙන බවයි.

එම මාධ්‍ය හමුවේදීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ රනිල් නායකත්වයෙන් ඉවත් කිරීමේ සටන එජාපය විසින් ආරම්භ කර තිබුනද තිස් වතාවක් පැරදී ඉවත් නොවුන මෙවරද ලෙහෙසියෙන් ඔහු ඉවත් වේ යයි නොසිතන බවයි.


gossip lanka