බැදුම්කර ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම්කර සිටින අර්ජුන ඇලෝසියස් මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට සිදුව ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
අර්ජුන ඇලෝසියස් මහතා ඊයේ බන්ධනාගාර රෝහල වෙත යොමු
කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබු බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මුත්‍රා රෝගයක් සහ පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් අර්ජුන ඇලෝසියස් මහතා මෙයට පෙර බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබිණ.
එහෙත් පෙරදා දහවල් අර්ජුන් ඇලෝසියස් මහතා බන්ධනාගාර රෝහලින් ටිකට් කපා නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.
අර්ජුන ඇලෝසියස් මහතාගේ අතෙහි සීරීම් තුවාල කිහිපයක් පවතින බව ‘බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක මහතා තහවුරු කළේය.
එම තුවාල සේලයින් කටු ඇනීම හේතුවෙන් සිදු වූයේ ද, නැතිනම් චර්ම රෝගයක් ද යන්න පැහැදිලි නොමැත.
අද දින අර්ජුන ඇලෝසියස් හා කසුන් පළිසේන විසින් ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත විභාගය ගැනීමට නියමිතය.
ඇලෝසියස්ගේ රෝගී තත්ත්වය උත්සන්න වේ
2018-03-02T08:19:00+05:30
Gossip Lanka Hot News
slide|