Email

අක්‍රීය කළ බැදුම්කර මගඩි සමාගමේ ගිණුම් යළි සක්‍රීය කරයි

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව මත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීම සඳහා ගෙන තිබු නියෝගය ඉවත්කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙතෙක් අත්හිටුවා තිබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්
සක්‍රීය වෙයි.

කෙසේ වුවත් මේ ආකාරයට සක්‍රීය වන්නේ නීති විරෝධී මුදල් මාරුවී නොමැති බවට විමර්ශන වලදී හඳුනාගත් සීමිත ගිණුම් කිහිපයක් පමණක් බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනාවරණය කර සිටියි.

මීට පෙර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීම සඳහා කොළඹ මහාධිකරණය නියෝග කර තිබු අතර ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීම සිදුවිය.

gossip lanka