Email

තෙල්දෙනිය සිද්ධියේ අත්අඩංගුවට ගත් 24දෙනාට අධිකරණය දුන් නියෝගය (UPDATE)

වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල්දෙණිය සහ පල්ලෙකැලේ පොලිස් බල ප්‍රදේශවලට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඊයේ (05)  පස්වරුවේ පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය අද (06) උදෑසන 6ට අවසන් වුණා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන්
ගුණසේකර සඳහන් කළේ කලහකාරී සිද්ධීන් ඇති වූ තෙල්දෙණිය සහ දිගන යන ප්‍රදේශවලට තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බවයි.

පහරදීමකින් පුද්ගලයෙකු මිය යාමත් සමඟ දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් මුල් කර ගනිමින් ඊයේ පස්වරුවේ සිට අද උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

gossip lanka