එජාප නායකත්ව වෙනස් කිරීමට පක්ෂයට උවමනා නැහැ - ගයන්ත

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව යෙන් ඉවත් කළ යුතු බවට පක්ෂ අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් ඇති වී නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේද යනුවෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඇමැති මණ්ඩල
තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (28) ප්‍රකාශ කෙළේය.

පසුගිය මැතිවරණයේදි ජනතාව ලබාදුන් පණිවුඩය තේරුම් ගෙන අඩුපාඩු සිදුව තිබෙන තැන් කඩිනමින් නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන් පක්ෂය තුළ මේ දිනවල සාකච්ඡා කරන බවත් රජයක් විදියට විය යුතු සියලු සංශෝධන කඩිනම්ව කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

දේශපාලන පක්ෂයක් විදියට ප්‍රතිසංවිධානය විය යුතු තැන් සියල්ල කඩිනම්ව සිදු කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

විශාල දේශපාලන පක්ෂයක් වූ විට ඇතැම් අවස්ථාවන්වලදී යම් යම් අදහස් විටින් විට සාකච්ඡා වන්නේ යැයි ද එවැනි ඕනෑ තරම් අවස්ථාවන්ට පක්ෂය මුහුණ දී ඇති අතර ඉදිරියේදීත් මුහුණ දෙන්නේ යැයි ද ඇමැතිවරයා කීය.



gossip lanka