අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින නීතිය හා සාමය අමාත්‍යංශය ලබන සතියේදී වෙනත් අමාත්‍ය වරයකු යටතට පත් කෙරේ.
අම්පාර නගරය මුල් කරගැනීමෙන් ඇති වු සිද්ධියේදී අග්‍රාමාත්‍යවරයාට සිද්ධිය පාලනය කිරීමේ කටයුතු සඳහා දායක වීමට සිදු වු හෙයින් නව
අමාත්‍යවරයා පත් කිරීමේ කටයුතු පමා වු බව සභා නායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
නීතිය හා සාමය අමාත්‍ය ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමි කැබිනට් අමාත්‍ය ධුරයක් වන අතර ඒ සඳහා නව අමාත්‍යවරයා දිවුරුම් දීම ලබන සතියේදී සිදු වන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
පසුගියදා සිදුකල කැබිනට් සංශෝධනයේදී අගමැතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම යෝජනා කර තිබුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ විරෝධයක් හේතුවෙන් ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව කල් දමනු ලැබිය.
පොලිසිය ලබන සතියේ වෙනත් ඇමතිවරයකුට !
2018-03-01T09:10:00+05:30
Gossip Lanka Hot News
slide|