Email

අපේක්‍ෂකයන්ට ඉල්ලා අස්වෙන්න බෑ

මෙවර මැතිවරණයට නාම යෝජනා භාර දුන් කිසිදු අපේක්ෂකයකුට ජන්දයට පෙර ඉල්ලා අස්වීමට නොහැකියැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

අපේක්ෂකයකු ගේ මරණයකදී හෝ මැතිවරණයෙන් පසුව කරනු ලබන ඉල්ලා අස් වීමකදී පක්ෂයේ  ලේකම් වරයාට වෙනත් කෙනෙකු
පත්කිරීමේ බලය හිමිවන අතර ඒ පුද්ගලයා ඉදිරිපත් කළ  ලැයිස්තුවේ කෙනෙකු වීම අනිවාර්ය බවද ඒ මහතාගෙන් අද (2) අප කළ විමසීමකට පිළිතුරු දෙමින්  පැවසීය.

පනතේ එවන් පත්කිරීමක් පිළිබඳව නිර්ණායක සදහන් කර නැතත් පිටතින් පුද්ගලයෙකු පත්කිරීම පිළිබඳව  මීට ඉහත ලබාදුන් නඩුතීන්දු වල සඳහන් ආකාරයට පිටස්තර පුද්ගලයකු පත්කිරීමට එරෙහි දැඩි මතයක මැතිවරණ කොමිසම සිටින බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙම තත්වය නිසා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව යම් පුද්ගලයකු ඉවත්වී ලැයිස්තුවෙන් පිටත සිටි පුද්ගලයෙකුට පත්වීමට ඇති අවස්ථාව මගහැරෙන බවද කොමසාරිස්වරයා පැවසීය.

gossip lanka