Email

'ඡන්දය කල්දැමීමේ සූදානමක් නෑ'

වසර පහකට පසුව මෙවර පළාත් පාලන මැතිරවණය පෙබරවාරි 10 දාට පැවැත්වීමට නියමිත බවත් එම මැතිවරණය කල් දැමීමේ සූදානමක් මැතිවරණ කොමිසමට නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ ක්‍රියාවලියේ නිහඩ කාලය වන පෙබරවාරි 08 වන දා බැදුම්කර
කොමිසන් වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වුවහොත් එය මැතිවරණයට බාධාවක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් තිදෙනා එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද සභාපතිවරයා කියා සිටි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන ජනාධිපති නිතිඥ හිටපු නිති සම්පාදක නිලන් අබේසේකර මහතා සහ තමන් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් එච්. හූල් මහතාව ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කරන බව කී සභාපතිවරයා ලබන පළමු වනදා සහ දෙවන දා දේශපාලන පක්ෂ නායකයන්ගේ රැස්වීමක් පැවැත්වීමට තින්දු කර ගෙන ඇති බවද කියා සිටියේය.

නිහඩ කාලසීමාවක එම විවාදය වැටීම බාධාවක්:

බැදුම්කර විවාදය හෝ මහාපරිමාණ දූෂණ වංචා පිළිබඳ විවාදය හෝ පැවැත්වීම කොමිසමට ආදළ නැති බවත් එහෙත් පෙබරාවාරි 08 සහ 09 වන දා නිහඩ කාලසීමාවකට එම විවාදය වැටීම බාධාවක් වී ඇති බව ද කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

රාජගිරියේ මැතිවරණ මහ ලේකම්කාර්යාලයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා ඒ බව කියා සිටියේය.

එහිදි අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේද පැවැසීය.

''08 වන දාට ප්‍රථම විවාදය ගන්නවා නම් හොදයි ''

''මේ ඡන්ද විමසීම දිනක් හෝ කල්දැමීමට කොමිසම කැමැති නැහැ.ඡන්ද විමසීම කල් දාන්න කියා කිසිවකුත් මගෙන් ඉල්ලීමක් සිදු කර නැහැ. නිහඩ කාලයේදී පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුවහොත් එම විවාදය මාධ්‍යයෙන් පළ කරන්න එපා කියා මාධ්‍යයට නිති දාන්නත් කොමිසමට බැහැ.

මැතිවරණයක නිහඩ කාලයක් ලබා දී තිබෙන්නේ මහජනතාවට නිහඩව තීන්දු තීරණ ගන්නටයි. මගෙන් ඊයේ ‍පෙරවරුවේ සිට බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසීම් සිදු කරනවා. පාර්ලිමේන්තුවට නියෝග දෙන්න කොමිසමට බලයක් නැහැ. කොමිසන් සභාවේ සාමාජිකයන් තිදෙනා එක්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වෙනවා.

මහාචාර්ය හූල් මහතා මේ දිනවල විදසේ ගත වී සිටින නිසා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගැනිමට අපි බලාපො‍රොත්තු වෙනවා.

''ස්වභාවික ආපදාවකදී හැර මැතිවරණය කල් දැමීමට බැහැ.''

කිසිම කොම්ෂන් සභාවක් මෙවැනි ගැටලුවකට මුහුණ දීලා නැහැ. 08 වන දා බැදුම්කර විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම පිළිතුරු දිය යුතු නැහැ.

එහෙත් කොමිසම කැමතියි මෙය 08 වන දාට ප්‍රථම සාකච්ඡා කරනවානම්.

ස්වභාවික ආපදාවකදී හැර මැතිවරණය කල් දැමීමට බැහැ.''

gossip lanka