Email

තැපැල් ඡන්ද පත්‍රිකා ගණන් කිරීම පෙබරවාරි 09 වනදා

එළඹෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා ගණන් කිරීම පෙබරවාරි 09 වනදා සිදුකරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියේ පළාත්පාලන ඡන්ද
විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග ඊයේ (23) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පළාත් පාලන මැතිවරණයට අදාළව පළමු අදියරේ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 22 වන දා සිදුකෙරුණු අතර එහිදී පොලීසිය, මැතිවරණ නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් සිය තැපැල් ඡන්දය භාවිත කළා.

එමෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට හෙට සහ අනිද්දා තැපෑලෙන් ඡන්දය භාවිත කළ හැකියි.

මෙම අවස්ථා දෙකේදීම ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට පෙබරවාරි මස 01 සහ 02 යන දින ද ලබාදී තිබෙනවා.

මැතිවරණ කොමිසම නිවේදනය කළේ එම දිනවල කාර්යාල වේලාව තුළදී අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී සහ කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණ මහ ලේකම් කාර්යාලයද පහසුකම් සළසා ඇති බවයි.



gossip lanka