Email

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක තනතුරෙන් හා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙන බව සෆීක් රාජාබ්දීන් මහතා පවසයි.

අද උදෑසන ඔහු එම තනතුරුවලින් ඉල්ලා අස්වුණු බව එම පක්ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පැවසුවේය.

ෆේස් බුක් හරහා ඔහු පැවසූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන්
මතු වූ ගැටළුකාරී තත්ත්වය පිළිබඳව පක්ෂ නායක රවුෆ් හකීම් මහතා විසින් කරුණු විමසූ අවස්ථාවේදී ඔහු එම තනතුරුවලින් ඉල්ලා අස් වී ඇති බව සඳහන්ය.



gossip lanka