Email

බස්නාහිර මන්ත්‍රී පුරප්පාඩු පිරවීම එජාපය කරහැරලා !

බස්නාහිර පළාත් සභාවේ දැනට පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධූර හතරෙන් තුනක් සඳහා මන්ත්‍රීවරු පත් කිරීමට මෙතෙක් අදාළ පක්ෂ පියවරගෙන නැතැයි පළාත් සභා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එසේ පුරප්පාඩු පවතින මන්ත්‍රී ධුර තුනෙන් දෙකක් එක්සත් ජාතික පක්ෂය සතු ඒවා බවද පැවසේ.

එම මන්ත්‍රීවරු දෙදෙනා ඉවත් වූ පසු ඊට පසුදිනම එම පුරප්පාඩු පුරවන
ලෙස මැතිවරණ කොමසාරිස්වරයා හරහා පක්ෂ ලේකම්වරයාට දැනුම් දී ඇති බවද පළාත් සභා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අනෙක් පුරප්පාඩු මන්ත්‍රීධූරය ප්‍රගතිශීලී ජනතා පෙරමුණ සතු එකක් බවද පැවසේ. එයද පුරවන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී ඇතත් මෙතෙක් සිදුව නොමැති බව වාර්තා වේ.

කෙසේවුවද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය මේවන විට පිරවීමට කටයුතු යොදා ඇති බව පළාත් සභා ප්‍රකාශකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

gossip lanka