තම දරුවන් හතරදෙනා සිටියදීත් රෝහලේ ඇඳක් මත මාස 3ක කාලයක් තිස්සේ තනිව කල් ගෙවන ගුරු මාතාවකගේ අනුවේදනීය කතා පුවතක් නිකවැරටියෙන් වාර්තා වේ.
නිකවැරටිය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා දැනටත් මාස 3කාලයක් ගත වී ඇතත් සිය දරුවන් පැමිණේවී යන අපේක්ෂාවෙන් රෝහල් ඇඳක් මත කල් ගෙවන මැය විශ්‍රාමික ගුරු මාතාවක් වන අතර ඇය නමින් ආර්.ඒ. කල්‍යාණි පොඩිමැණිකේය.
70වන වියේ පසුවන මැයගේ දරුවන් හතරදෙනාම දියණියන් වන අතර අවසන් වරට මැය ගුරු සේවයේ නියැලී තිබෙන්නේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකාවෙහිය.
තම දියණියන් වෙනුවෙන් සියලු දේ කැප කළ ඇයට හිසට සෙවණක් නොමැතිව ගලිගමුවේ මාතලානේගම වැඩිහිටි නිවාසයක ජීවත්ව තිබෙන අතර එහිදී රෝගාතුර වීමෙන් අනතුරුව ඇයව ගලිගමුවේ රෝහලකට ඇතුලත් කර තිබේ.
එතැනින් නිකවැරටිය මූලික රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මේ වන විට ඇය සම්පූර්ණ සුවය ලබා සිටියත් ඇයව භාර ගැනීමට කිසිදු දරුවෙකු හෝ ඥාතියෙකු පැමිණ නැත.
ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුවත් ඇය රෝහලේ කිසිදු සරණක් නොමැතිව කල් ගෙවන අතර බොහෝමයක් දරුවන්ගේ දෑස් පෑදුවත් මවක් හෝ ගුරුවරියක් වශයෙන් ඇය අද රෝහල් ඇඳක් මත ගෙවන්නේ ඉතා දුක්ඛිත තත්ත්වයකි.