සත්ව හිංසාව වැළක්වීම සදහා අලි පිටේ ගමන් කරන සෆාරි ක්‍රමය නැවතීම හෝ ඊට දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබීමත් සමග ලංකාවේ අලි සෆාරි කර්මාන්තයේ නියැලෙන ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවන බව එම සංවිධාන චෝදනා කරති.
අලි සෆාරි මෙරට ආරම්භ කර ඇත්තේ මිට වසර 28 කට පමණ පෙර හබරණ නගරයෙනි. එක විදෙශිකයකුගෙන් ඩොලර් 30ක මුදලක් අයකරමින් හබරණ සිගිරිය, කණ්ඩලම, පින්නවල ආදී ප්‍රදේශවල දැනට අලි සෆාරි ක්‍රියාත්මක වෙති.
වනජීවී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා සදහන් කර තිබුනේ පෙරහැර වලට පවා අලින් ලබා නොදී අලින්ට වඩාත් පිඩා වන ආකාරයට විදේශිකයන් පටවාගෙන අලි සෆාරි සිදු කරන බැවින් ඒ සදහා නීති රීති ගෙන එන බවත් අලි සෆාරි පිළිබධව තීරණයකට එළබෙන බවය. එම ප්‍රකාශයත් සමග හබරණ අලි සෆාරි සංගම් නියෝජිතයෝ හබරනදී මාධ්‍ය හමුවක් කැදවමින් කිවේ ඇමැති වරයා අලි සෆාරි නැවතීමට උත්සාහයක නිරත වන බවත් එසේ කරන්නට ගියහොත් ඊට විරුද්ධව ක්‍රියා කරන බවය.
හබරණ අලි සෆාරි භූමියේදී පැවතී මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හබරණ ටැම්පිට විහාරාධිකාරී බෝගස් වැවේ විපස්සි හිමියන් කියා සිටියේ සංචාරක කර්මාන්තයත් සමග අලි සෆාරි ක්‍රමය ලොව පුරා ප්‍රචලිත වී තිබෙන බවත් බොහෝ සංචාරකයන් ලංකාවට පැමිණෙනු ලබන්නේ කැලේ අලි බලන්න හා හිලා අලින්ගේ පිටේ යන්න බවය ගමේ නිසා විශාල පිරිසකගේ රැකියා ප්රශ්නය විසදී තිබෙන බවත් ඇමතිවරයා ගන්නා වැරදි තීරණයක් නිසා මේ ජනතාවගේ රැකියා ප්රශ්නය පමණක් නොව ආර්ථික අතින් රටටම පාඩුවක් වන බවය ගසෆාරි ක්‍රමය තුල අලින්ට හිංසාවක් නොවන බවද උන් වහන්සේ අවධාරණය කරති.
මෙහිදී අලි සෆාරි සංගමයේ ලේකම් සමන්ත ගනේගොඩ මහතා අදහස් දක්වමින් කිවේ සංචාරක ප්‍රවර්ධන ක්‍රමයක් හැටියට 1990 වසරේ තම සංගමය හදුන්වා දී ඇති බවත් මේ වනවිට සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමට සංචාරක අමාත්‍යංශය මගින් මේවගේ ඡායාරූප පවා ප්‍රදර්ශනය කර තිබෙන බවය. ගමේ සමග අතුරු සංචාරක ව්‍යාපාර රැසක් ආරම්භ වී ඇති බවය . එක අලියෙක් වටා විශාල පිරිසක් රස්සා කරන බවද කිවේ. ගමේ තීරණය ගැන සාකච්චා කොට තීරණයකට එළබෙන්න නොහැකි උනොත් ඉදිරියේදී උද්ගොෂණයකට හෝ යන බවද කිවේය.