කෝලිකුට්ටු කැනේ රත්කෙසෙල්

සොබාදහමේ නානාවිධ හාස්කම් දක්නට ඇත්ත ඇසින් නොදැක කනින් අසා විශ්වාස කිරීම තරමක් අසීරු සිද්ධියකි.

සාමාන්‍යයෙන් කෝලිකුට්ටු කෙසෙල් පැළයක හටගන්නේ ඊට ආවේණික ජානවලින් සැදුම්ලත් කෙසෙල් කැනක් පමණක් වුවත් මෙම කෙසෙල් කැනේ එක රත් කෙසෙල් ඇවරියක් හැදී තිබීම කාගේත් විමතියට හේතුවී තිබේ.
වෙන්නප්පුව ආසනයට අයත් ලුණුවිල කිරිමැටියාන ප්‍රදේශයේ නිවෙසක් අසල වූ කෙසෙල් කොටුවක දක්නට ලැබුණු මේ අලංකාර හා දුර්ලභ ගණයේ කෙසෙල් කැන දැක බලා ගන්නට පැමිණි ජනතාවගෙන් එය ආරක්‍ෂා කර ගැනීමද මහත් ගැටලුවක් වූ බව එම වගාකරුවා කීය.
Previous Post Next Post